Friday, May 1, 2020

නිවරදි විදියට මලු ටැංකිය පිරිසුදු කරමු. Clean the fish tank properly

                     Blue water kingdom aquarium 

අද මං ඔයාලට කියන්න හිතුවේ මාලු ටැංකියක් සාමාන්‍යයෙන් පිරිසිදු කිරීමේදී වැදගත් වෙන මූලික කරුණු කිහිපයක් ගැනයි. 

* මුලින්ම කල යුත්තේ ටැංකියේ ඇති මුලු ජලයෙන් සියට 50ක් වගේ ප්‍රමාණයක් අයින් කිරීමයි. හැබැයි ඒ අයින් කරපු වතුර ටික තියා ගන්න ඉස්සරහට ඕන වෙනවා.

* ඊට පසුව ස්පොන්ච් එකක් අරගෙන ටැංකියේ වීදුරු ටික පරිස්සමට මැද ගන්න. ටැංකියේ ඇතුල් පැත්තෙ දාර නම් මැද්දෙ නැතුවට කමන් නැහැ. මදිනවනම් පරිස්සමෙන් හෙමින් කරන්න. මොකද කාලයක් යද්දි සිල් එක තුවාල වෙලා වතුර ලීක් වෙන්න පුලුවන්.

(ටැංකියේ වතුර අඩුකරාට පස්සෙ ස්පොන්ච් එකෙන් මදින්න කිව්වෙ. නැත්නම් ටැංකියේ ඉන්න මාලු ඔයා අත දමද්දි කලබල වන නිසයි.)

* ඊට පසුව තව සියට 25 වතුර අයින් කරන්න. එහෙම කරද්දි ටැංකියේ අඩියෙ තියෙන කුණු අපද්‍රව්‍ය හිමිට බටයක් අදාරයෙන් වතුරත් එක්ක එලියට ගන්න.(මාලු පැටැව් ඉන්නවනම් පරිස්සමින් )

* ඊට පසුව ටැංකියේ ෆිල්ටර් එකත් ඒ ගමන්ම පිරිසිදු කර ගන්නවා නම් එලියට අරගෙන අර කලින් අයින් කරපු වතුරෙන්ම සෝදා ගන්න. ( ෆිල්ටර් එක වෙන දවසක පිරිසිදු කර ගන්නවා නම් ටැංකියෙන් වතුර ටිකක් වෙනම අරගෙන ෆිල්ටර් එක පිරිසිදු කර ගන්න පුලුවන්) එතකොට මාලුන්ට අත්‍යවශ්‍ය බැක්ටීරියා විනාශ වෙන්නෙ නැහැ.

* පසුව ෆිල්ටර් එක සවි කරලා. ටැංකියට අලුත් වතුර පුරවන්න. මෙ හැමදේම මාලු ටැංකියේ ඉද්දිම කල යුතුයි.

* පසුව ටැංකියේ පිටත විදුරු පිහ දා ගත්තට පසුව. Aquarium sold (නැත්නම් ගෙදර ලුනු උනත් කමන් නැහැ හැබැයි ගෙදර ලුනු ගන්නවා නම් ටිකක් හෝදලා ගන්න මොකද ඒ ලුනු වල අයඩින් තියෙන නිසා.) ටිකක් ටැකියට දමන්න. නැත්නම් methylene blue 5ml වගේ ටැංකියට දමන්න. එතකොට මාලුන්ගේ සෞඛ්‍යය තත්ත්වයට හොදයි. 
අනතුරු ඇඟවීම්
 *ඔබේ පෙරනයේ කාබන් තිබේ නම්, සෑම සති 2-6 කට වරක් එය ප්‍රතිස්ථාපනය කරන්න.  

* ඔබේ දෑත් මින්මැදුරට දැමීමට පෙර හෝ පසුව ඔබේ අත් හොඳින් සෝදන්න.
 *ඔබ දීර් කාලයක් තිස්සේ විශාල ජල වෙනසක් සිදු කර නොමැති නම්, සෙමින් ආරම්භ කරන්න.
*  සෑම සතියකම කුඩා ජල පරිමාවක්  වෙනස් කරන්න.  මසුන්ගේ පාරිසරික පරාමිතීන් (උෂ්ණත්වය, pH අගය, ලවණතාව) හදිසියේ හා මහා පරිමාණයෙන් වෙනස් කිරීම ටැංකියේ රසායන විද්‍යාවට අහිතකර ලෙස බලපානු ඇති අතර ඔබේ මාළු කම්පනයට පත් කළ හැකිය.
 *ක්ලෝරීන් සහ ක්ලෝරමයින් ඔබේ බැක්ටීරියා වලට හානි කළ හැකි බැවින් යාන්ත්‍රික පෙරහන් සේදීම සඳහා නළ ජලය භාවිතා නොකරන්න.

 *තඹ වලට සංවේදී සතුන් (කොරල් හෝ ඉන්වර්ටර් වැනි) සමඟ වැඩ කිරීමේදී පිත්තල සවිකෘත සහිත  නළ භාවිතා කිරීමෙන් වළකින්න.

* ඔබේ මාළු හදුනාගෙන  ඔවුන්ගේ සිනිඳු ආලේපනයට බාධා කරන බැවින් කිසි විටෙකත් අනවශ්‍ය ලෙස දැල් නොදෙන්න.

 *ඔබේ මාළු ටැංකියට සබන් අපද්‍රව්‍ය ඇති විය හැකි කිසිවක් කිසි විටෙකත් ඉඩ නොදෙන්න.  අත්,  නළ සහ දැල් මෙයට ඇතුළත් වේ.

ඉඟි
 *පිරිසිදු කිරීමේදී ඔබේ මසුන් මින්මැදුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නැත.

* නව ජලය පැය කිහිපයක් තිබිමට දීමෙන් ඔබේ ටැප් එකේ ඇති ක්ලෝරීන් උදාසීන කරනු ඇත, නමුත් ක්ලෝරමයින් නොවේ, ඒවා හානිකර ය.  ඔබේ මාළු උදව්වල්ක් ලෙස ජල කන්ඩිෂනර් භාවිතා කරන්න.  

 *මින්මැදුර විශාල වන තරමට පරාමිතීන් වෙනස් කිරීමට වැඩි කාලයක් ගත වන අතර මේවා කුඩා ටැංකි වලට වඩා සහජයෙන්ම ස්ථාවර වේ.

 *ඔබේ බොරළු සඳහා නිවැරදි ප්‍රමාණයේ ඉඩක් ලබා ගන්න.  



මේ post එකෙන් ඔයාගෙ දැනුමට යමක් එකතු උනා නම් page එකට Like එක්ක දාලා Share පාරකුත් දාන්න යාලුවනේ.