Thursday, April 30, 2020

PACU FISH පාකු මාලු🐟

             BLUE WATER KINGDOM AQUARIUM 
අද මං ඔයාලට ගෙන්න යන්නේ ඔයාල ගොඩක් අය හදන්න ආස කරන Pacu මාලු ගැන විශේෂ වැදගත් කරුණු ටිකක් 

* පාකු මාලු අයත් වෙන්නෙ පිරානා පව්ලටයි🐟.
හැබයි පිරානා මසුන් තරම් මෙයාලා මාංශ භක්ෂක නම් වෙන්නෙ නැහැ 

* පාකු මාලු සාමාන්‍යයෙන් අඩි 3ක් වගේ (3ft) විශාල වෙන අතර ආයුකාලය සාමාන්‍යයෙන් අවු. 20-25 අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා.

* පාකු මාලු ඔයාලා tank එකක හදනවා නම් tank එකේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. (සාමාන්‍යයෙන් 500Lක් වත් වෙන්න ඕන විශාල මාලු දෙදෙනකුට.)

* නමුත් මෙයාලා වඩාත් යෝග්‍ය වෙන්නෙ නම් Pond එකකට තමයි.

* පාකු මාලු සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ආහාරයට ගන්නේ ශාක වර්ග තමයි. නමුත් ඔයාලට Sea food / Pellets වර්ග උනත් දෙන්න පුලුවන්. 
  
* මෙයාලා කලබලකාරී මාලු විශේෂයක් වන නිසා පොඩි දේටත් කලබල වෙන්න පුලුවන්. ඔයාලා tank වල හදනකොට නම් tank එකේ ශක්තිමත් භාවය පිලිබඳව සැලකිලිමත් වෙන්න ඕන. 

* අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙයාලත් එක්ක එකට හදන්න පුලුවන් TANK MATES ලා ගැන. සාමාන්‍යයෙන් මෙයාලා එක්ක එකට හදන්න පුලුවන් වෙන්නෙ Catfish වර්ග වගේ ලොකු වෙන මාලුත් එක්ක තමයි. හැබැයි මෙයාලා ටිකක් මිත්‍රශීලී මාලු වර්ගයක් නම් නෙමෙයි. 

 ඔන්න ඔය ටික තමයි මං අද පාකු මාලු ගැන ඔයාලට ගෙනාවේ.

#පොස්ට්_එක_හොදයි_නම්_like_එකක්_දාලා_comment_එකකුත්_දාගෙන_යන්_යාලුවනේ .. 

Wednesday, April 29, 2020

GAINT GURAMI යොධ ගුරාමි

blue water kingdom aquarium facebook
ඔන්න අද මං ඔයාලට ගෙනාවේ කවුරුත් හදන්න කැමති #Giant_Gourami හදනකොට දැන ගතයුතු විශේෂ කරුණු කිහිපයක් ගැනයි.

* Giant Gourami සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් හදන්න කැමති විශාල මාලු විශේෂයක් වන අතර මොහුන් ශාක භක්ෂක මාලු වර්ගක් වේ.

* මෙයාලගෙ ප්‍රමාණය ගැන කිව්වොත් අඩි 2ක්  විතර වවිශාලත්වයක් දක්නට පුලුවන් .

* ගුරාමින් සදහා   සාමාන්‍යයෙන් තරමක් විශාල ඉඩක් හා  ලීටර් 2000- 2500 ක් තරම් ජල පපරිමාවක් අවශ්‍ය වේ.( උපරිම වර්ධනයක් ලබා ගැනිම සදහා)

*  විදුරු ටැංකිය වලට වඩා පොකුණු වල ඇතිකිරීම මෙම මත්ස්‍යයන් සුදුසු වේ.

* මෙයාලා හදනකොට තව දෙයක් තමයි මෙයලා ගොඩක් කැමති අඳුරු පරිසරයකට. එකට ඔයාලට pond එකක් වගේ නම් drift wood වගේ දේවල් දාන්න පුලුවන්. 

* මෙයාලට තියෙන විශේෂ හැකියාවක් නම් ජලයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය ඉවර වෙනකොට ජලයෙන් උඩට ඇවිත් ඔක්සිජන් ලබා ගැනීමට හැකි වීමයි. ඒ නිසා මෙයලා හදන කොට pond වලට අමතර ඔක්සිජන් දීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ.

* මෙයාලගෙ white colour තියෙන අය හදුන් වන්නෙ Albino Giant Gourami කියලා මිට අමතරව red pin gurami ලෙසින් ඇත.
* මෙයාලගෙ කෑම ගැන කිව්වොත් මෙයාලා ශාක භක්ෂක මාලු විශේෂයක් උනාට මාලු කෑම , sea food වගේ දෙයක් උනත් දෙන්න පුලුවන්. ශාක ගැන කිව්වොත් කංකුන් වගේ පලා වර්ග කොමඩු  ක්න්න දෙන්න පුලුවන් .

* Tank mates ලා ගැන කිව්වොත් විශාල ඕන මාලුවෙක් එක්ක හදන්න පුලුවන්.

* මෙයාලා ලෙසියෙන් හදන්න පුලුවන් මාලු වර්ගයක් නිසා වැඩිය කරුණු නම් නැහැ. 

මේ post එකෙන් ඔයාගෙ දැනුමට යමක් එකතු උනා නම් page එකට Like එක්ක දාලා Share පාරකුත් දාලා සප් එකක් දෙන්න යාලුවනේ.