Thursday, April 30, 2020

PACU FISH පාකු මාලු🐟

             BLUE WATER KINGDOM AQUARIUM 
අද මං ඔයාලට ගෙන්න යන්නේ ඔයාල ගොඩක් අය හදන්න ආස කරන Pacu මාලු ගැන විශේෂ වැදගත් කරුණු ටිකක් 

* පාකු මාලු අයත් වෙන්නෙ පිරානා පව්ලටයි🐟.
හැබයි පිරානා මසුන් තරම් මෙයාලා මාංශ භක්ෂක නම් වෙන්නෙ නැහැ 

* පාකු මාලු සාමාන්‍යයෙන් අඩි 3ක් වගේ (3ft) විශාල වෙන අතර ආයුකාලය සාමාන්‍යයෙන් අවු. 20-25 අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා.

* පාකු මාලු ඔයාලා tank එකක හදනවා නම් tank එකේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. (සාමාන්‍යයෙන් 500Lක් වත් වෙන්න ඕන විශාල මාලු දෙදෙනකුට.)

* නමුත් මෙයාලා වඩාත් යෝග්‍ය වෙන්නෙ නම් Pond එකකට තමයි.

* පාකු මාලු සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ආහාරයට ගන්නේ ශාක වර්ග තමයි. නමුත් ඔයාලට Sea food / Pellets වර්ග උනත් දෙන්න පුලුවන්. 
  
* මෙයාලා කලබලකාරී මාලු විශේෂයක් වන නිසා පොඩි දේටත් කලබල වෙන්න පුලුවන්. ඔයාලා tank වල හදනකොට නම් tank එකේ ශක්තිමත් භාවය පිලිබඳව සැලකිලිමත් වෙන්න ඕන. 

* අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙයාලත් එක්ක එකට හදන්න පුලුවන් TANK MATES ලා ගැන. සාමාන්‍යයෙන් මෙයාලා එක්ක එකට හදන්න පුලුවන් වෙන්නෙ Catfish වර්ග වගේ ලොකු වෙන මාලුත් එක්ක තමයි. හැබැයි මෙයාලා ටිකක් මිත්‍රශීලී මාලු වර්ගයක් නම් නෙමෙයි. 

 ඔන්න ඔය ටික තමයි මං අද පාකු මාලු ගැන ඔයාලට ගෙනාවේ.

#පොස්ට්_එක_හොදයි_නම්_like_එකක්_දාලා_comment_එකකුත්_දාගෙන_යන්_යාලුවනේ .. 

No comments:

Post a Comment